Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, November 16, 2016

Learn Atmega Programming Lesson 2

By DJ Niraj  |  1:20 AM No comments

 අපි ටික දවසකට කලින් අලුතින්ම වැඩක් පටන් ගත්තා කියල මගේ බ්ලොග් එකත් එක්ක හිටපු අය හොදටම දන්නවා..(අපෝ හොද ටික දවස නේද😉😉) ඔව් ටිකක් කල් ගියා තමයි, Project, Exam, Assignment අස්සේ කොහෙද ඉතින් බ්ලොග් ලියන්න වෙලාවක්. එත් ඉතින් ඉඩ ලැබිච්ච වේලාවෙන් හරි ඔන්න අද Atmega පාඩමේ තවත් වැදගත්ම කොටසක් ගෙනාවා.

කලින් කොටස බලපු නැති කස්ටිය මෙතනින් ගිහින් බලන්න.



මේ පාඩමේදී අපි,

  • හරියට USBasp එකට Drivers install කරන විදිය
  • USBasp එක Configure කරගන්න විදිය 
  • Program කරන්න පුළුවන් වෙන විදියට Atmel Studio හදාගන්න විදිය
ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා.

හරි එහෙනම් පටන්ගමු. මම කලින් පොස්ට් එක ඉවරවෙද්දි කිව්වා Atmel Studio සහ WinAVR install කරගෙන USB Drivers බාගෙන ඉන්න කියල.

WinAVR හරියට install කරලද කියල බලන්න පුළුවන් Command Prompt එක open කරලා. ඒකෙ avrdude කියල ටයිප් කරලා Enter කරන්න. එතකොට මේ වගේ ලොකු විස්තරයක් එන්න ඕනි.



දැන් USBasp එක ඔයාගේ Computer ඒකෙ USB port එකට සම්බන්ධ කරගන්න. දැන් Computer icon එක උඩ Right ක්ලික් කරාම එන menu එකෙන් Manage වලට යන්න.

එතකොට එන Window ඒකෙ Device Manager වලට යන්න. මේකෙදි ඔයාගේ පරිගණකයට සම්බන්ධ කරලා තියන සියලුම Devices පෙන්නනවා. මේකේ පල්ලෙහා රූපේ වගේ Other Devices වල තියන අපේ USBasp එක ඉස්සරහින් කහපාට ත්‍රිකෝණයක් පේනවා. 


එහෙම වෙන්න හේතුව USBasp එකට අදාළ Drivers අපේ computer ඒකෙ නොමැති වීම. අපි ඒ Drivers වෙනම install කරගන්න වෙනවා. Windows 7 වගේ තියන අයට නම් පරණ පුරුදු විදියටම Drivers install කරගන්න පුළුවන්. ඊටපස්සේ OS තියන අයට නම් වැඩේ ටිකක් කරදරයි. මම කරන විදිය කියල දෙන්නම් පරිස්සමින් කරන්න ඕනි වැඩක් ඒක.

මම මේ වැඩේ කරේ Windows 10 වල. අනිත් ඒවත් මේකට ගොඩක්ම සමානයි. 
ඉස්සෙල්ලම Search කරන්න Advanced Startup Options කියල. දැන් ඒක open කරගන්න. 


දැන් ඒකෙන් Advanced Startup යටතේ තියන Restart now කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ computer එක restart වෙන්න ගන්නනවා. 

Restart වෙලා මෙහෙම එකක් එනවා.


එකෙන් Troubleshoot ක්ලික් කරන්න. ඊ ලඟට,


 Advanced Options වලට යන්න. ඊටපස්සේ,


Startup Settings වලට, දැන් වැඩේ හරියටම කලානම් මේ වගේ එකක් එන්න ඕනි.



මේකේ තියන Restart කියන එක දැන් ක්ලික් කරන්න. එතකොට ආයිත් restart වෙලා මේ වගේ එකක් ඒවි.



මේකට ආවාම Keypad ඒකෙ 7 button එක ක්ලික් කරන්න... එතකොට අපේ computer එක on වෙන්න පටන් ගන්නවා. දැන් වැඩේ හරි.


දැන් අපි Download කරගත්ත Drivers තියන zip file එක unzip කරගන්න ඕනි. එකට ඒ file එක උඩ right ක්ලික් කරලා Extarct Here දෙන්න.

(මෙතනින් Drivers ටික අරගන්න.)



දැන් තියෙන්නේ පුරුදු විදියටම Device Manager ගිහින්, USBasp කියන එක උඩ Right ක්ලික් කරලා,



Update Driver Software... කියන එක ක්ලික් කරන්න. එතකොට මේ වගේ එකක් එනවා.
එකෙන් ඔය රතු පාටින් පෙන්නලා තියන එක ක්ලික් කරන්න. ඊටපස්සේ එන window ඒකෙ Browse කියන තැනින් ඔයා Drivers ටික Extract කරපු Folder එක දීල Next ක්ලික් කරන්න. 

දැන් මේ වගේ Warning එකක් ඒවි. එහෙම එන්නේ අපි Driver Signature නැති වෙනම Driver එකක් install කරන නිසා, ඒක ගණන් ගන්න එපා, රතුපාටින් ඉරක් ඇඳලා තියන එක ක්ලික් කරන්න.
දැන් වැඩේ හරියටම කළා නම් Drivers ටික ලස්සනට install වෙලා මේ වගේ Message එකක් එනවා.
මේක Close කරලා දාල අපි ඊළඟ වැඩේට බහිමු.
දැන් ඔයාගේ Atmega IC එක USBasp එකට සම්බන්ධ කරගන්න. දැන් අපි අපේ Atmega Chip එක හඳුන්වල දෙන්න හදන්නේ. USBasp එක computer එකට ගහල Command Prompt එක open කරගන්න.

දැන් Command Prompt ඒකෙ මේ විදියට ගහන්න.


avrdude -p m16 -c USBasp

දැන් Enter කරාම අපි හරියට Chip එක ගහල තියනවා නම් මේ වගේ එකක් තමයි පෙන්නන්නේ.
මේකේ m16 කියල තියන තැනට ගහන්න ඕනි ඔයාගේ Atmega Chip ඒකෙ වර්ගය. මම පාවිච්චි කරේ Atmega16 නිසා තමයි m16 කියල දාල තියෙන්නේ. ඔයා Atmega32 පාවිච්චි කරනවා නම් m32 කියල තමයි එතනට ගහන්න ඕනි. 

මේ විදියට හැදුවට මදි අපි මේ Data, Atmel Studio එකටත් දෙන්න ඕනි. එක කරන්නේ කොහොමද කියල දැන් බලමු.

ඉස්සෙල්ලම Atmel Studio විවෘත කරගන්න.
මම නම් පාවිච්චි කලේ Atmel Studio 6, 7 එකෙත් වැඩි වෙනසක් නෑ. වෙනස් වෙන විදිය මම කියන්නම්.

දැන් Atmel Studio window ඒකෙ Tools tab ඒකෙ External Tools වලට යන්න. 


 දැන් අපි මේ හදන්නේ හදන Programs run කරන්න අපේ Device එක Atmel Studio වලට හදුන්වල දෙන එක.

External Tools වලට ගියාම මේ වගේ window එකක් එනවා.
ඒකෙ ඔය පෙන්නලා තියන විදියට හිස් තැන් වලට දෙන්න. 
Arguments වලට Atmel Studio 6 තියන අය මෙන්න මේ Code එක හරියටම copy කරන්න.
 -p m32 -c usbasp -P usb -U flash:w:"$(ProjectDir)Debug\$(ItemFileName).hex":i
Atmel Studio 7 තියන අය මේක copy කරන්න.


 -p m32 -c usbasp -P usb -U flash:w:"$(ProjectDir)Debug\$(TargetName).hex":i
දැන් OK කරන්න. දැන් වැඩේ හරියට කලානම් මේ වගේ පෙන්වා,

 හරි එහෙනම් දැන් ඒකත් ඉගෙනගත්තනේ. අපි ඊළඟ පාඩමෙන් ඉගෙනගමු සරල වැඩසටහනක් ලියන විදිය සහ වැඩකරවන විදිය. මේක තරම් පරක්කු කරන්නේ නැතුව ඒක ඉක්මනටම අරගෙන එන්න try එකක් දෙන්නම්. මේ පාඩම ගැන ප්‍රශ්න තියනවා නම් comment කරගෙන යන්න.

Author: DJ Niraj

Hello My Name is Sandun Isuru Niraj, And I'm from beautifull island Sri Lanka which is called the pearl of the Indian Ocean. I Love the blogging and web designing. Not only that I love programming much.....

0 කියන කතා:

Facebook Blogger Plugin by FreewareHut.blogspot.com

ඔබගේ අදහසත් එකතු කරන්න. මට ඒක ගොඩාක් වටිනවා..


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP