Our Blog! Top News! Be a Web Designer with Joomla! Be a Good Blogger with Blogger Lessons Download Operating Systems FREE!
Topics :

Wednesday, November 16, 2016

Learn Atmega Programming Lesson 2

 අපි ටික දවසකට කලින් අලුතින්ම වැඩක් පටන් ගත්තා කියල මගේ බ්ලොග් එකත් එක්ක හිටපු අය හොදටම දන්නවා..(අපෝ හොද ටික දවස නේද😉😉) ඔව් ටිකක් කල් ගියා තමයි, Project, Exam, Assignment අස්සේ කොහෙද ඉතින් බ්ලොග් ලියන්න වෙලාවක්. එත් ඉතින් ඉඩ ලැබිච්ච වේලාවෙන් හරි ඔන්න අද Atmega පාඩමේ තවත් වැදගත්ම කොටසක් ගෙනාවා.

කලින් කොටස බලපු නැති කස්ටිය මෙතනින් ගිහින් බලන්න.



මේ පාඩමේදී අපි,

  • හරියට USBasp එකට Drivers install කරන විදිය
  • USBasp එක Configure කරගන්න විදිය 
  • Program කරන්න පුළුවන් වෙන විදියට Atmel Studio හදාගන්න විදිය
ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා.

හරි එහෙනම් පටන්ගමු. මම කලින් පොස්ට් එක ඉවරවෙද්දි කිව්වා Atmel Studio සහ WinAVR install කරගෙන USB Drivers බාගෙන ඉන්න කියල.

WinAVR හරියට install කරලද කියල බලන්න පුළුවන් Command Prompt එක open කරලා. ඒකෙ avrdude කියල ටයිප් කරලා Enter කරන්න. එතකොට මේ වගේ ලොකු විස්තරයක් එන්න ඕනි.



දැන් USBasp එක ඔයාගේ Computer ඒකෙ USB port එකට සම්බන්ධ කරගන්න. දැන් Computer icon එක උඩ Right ක්ලික් කරාම එන menu එකෙන් Manage වලට යන්න.

එතකොට එන Window ඒකෙ Device Manager වලට යන්න. මේකෙදි ඔයාගේ පරිගණකයට සම්බන්ධ කරලා තියන සියලුම Devices පෙන්නනවා. මේකේ පල්ලෙහා රූපේ වගේ Other Devices වල තියන අපේ USBasp එක ඉස්සරහින් කහපාට ත්‍රිකෝණයක් පේනවා. 


එහෙම වෙන්න හේතුව USBasp එකට අදාළ Drivers අපේ computer ඒකෙ නොමැති වීම. අපි ඒ Drivers වෙනම install කරගන්න වෙනවා. Windows 7 වගේ තියන අයට නම් පරණ පුරුදු විදියටම Drivers install කරගන්න පුළුවන්. ඊටපස්සේ OS තියන අයට නම් වැඩේ ටිකක් කරදරයි. මම කරන විදිය කියල දෙන්නම් පරිස්සමින් කරන්න ඕනි වැඩක් ඒක.

මම මේ වැඩේ කරේ Windows 10 වල. අනිත් ඒවත් මේකට ගොඩක්ම සමානයි. 
ඉස්සෙල්ලම Search කරන්න Advanced Startup Options කියල. දැන් ඒක open කරගන්න. 


දැන් ඒකෙන් Advanced Startup යටතේ තියන Restart now කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ computer එක restart වෙන්න ගන්නනවා. 

Restart වෙලා මෙහෙම එකක් එනවා.


එකෙන් Troubleshoot ක්ලික් කරන්න. ඊ ලඟට,


 Advanced Options වලට යන්න. ඊටපස්සේ,


Startup Settings වලට, දැන් වැඩේ හරියටම කලානම් මේ වගේ එකක් එන්න ඕනි.



මේකේ තියන Restart කියන එක දැන් ක්ලික් කරන්න. එතකොට ආයිත් restart වෙලා මේ වගේ එකක් ඒවි.



මේකට ආවාම Keypad ඒකෙ 7 button එක ක්ලික් කරන්න... එතකොට අපේ computer එක on වෙන්න පටන් ගන්නවා. දැන් වැඩේ හරි.


දැන් අපි Download කරගත්ත Drivers තියන zip file එක unzip කරගන්න ඕනි. එකට ඒ file එක උඩ right ක්ලික් කරලා Extarct Here දෙන්න.

(මෙතනින් Drivers ටික අරගන්න.)



දැන් තියෙන්නේ පුරුදු විදියටම Device Manager ගිහින්, USBasp කියන එක උඩ Right ක්ලික් කරලා,



Update Driver Software... කියන එක ක්ලික් කරන්න. එතකොට මේ වගේ එකක් එනවා.
එකෙන් ඔය රතු පාටින් පෙන්නලා තියන එක ක්ලික් කරන්න. ඊටපස්සේ එන window ඒකෙ Browse කියන තැනින් ඔයා Drivers ටික Extract කරපු Folder එක දීල Next ක්ලික් කරන්න. 

දැන් මේ වගේ Warning එකක් ඒවි. එහෙම එන්නේ අපි Driver Signature නැති වෙනම Driver එකක් install කරන නිසා, ඒක ගණන් ගන්න එපා, රතුපාටින් ඉරක් ඇඳලා තියන එක ක්ලික් කරන්න.
දැන් වැඩේ හරියටම කළා නම් Drivers ටික ලස්සනට install වෙලා මේ වගේ Message එකක් එනවා.
මේක Close කරලා දාල අපි ඊළඟ වැඩේට බහිමු.
දැන් ඔයාගේ Atmega IC එක USBasp එකට සම්බන්ධ කරගන්න. දැන් අපි අපේ Atmega Chip එක හඳුන්වල දෙන්න හදන්නේ. USBasp එක computer එකට ගහල Command Prompt එක open කරගන්න.

දැන් Command Prompt ඒකෙ මේ විදියට ගහන්න.


avrdude -p m16 -c USBasp

දැන් Enter කරාම අපි හරියට Chip එක ගහල තියනවා නම් මේ වගේ එකක් තමයි පෙන්නන්නේ.
මේකේ m16 කියල තියන තැනට ගහන්න ඕනි ඔයාගේ Atmega Chip ඒකෙ වර්ගය. මම පාවිච්චි කරේ Atmega16 නිසා තමයි m16 කියල දාල තියෙන්නේ. ඔයා Atmega32 පාවිච්චි කරනවා නම් m32 කියල තමයි එතනට ගහන්න ඕනි. 

මේ විදියට හැදුවට මදි අපි මේ Data, Atmel Studio එකටත් දෙන්න ඕනි. එක කරන්නේ කොහොමද කියල දැන් බලමු.

ඉස්සෙල්ලම Atmel Studio විවෘත කරගන්න.
මම නම් පාවිච්චි කලේ Atmel Studio 6, 7 එකෙත් වැඩි වෙනසක් නෑ. වෙනස් වෙන විදිය මම කියන්නම්.

දැන් Atmel Studio window ඒකෙ Tools tab ඒකෙ External Tools වලට යන්න. 


 දැන් අපි මේ හදන්නේ හදන Programs run කරන්න අපේ Device එක Atmel Studio වලට හදුන්වල දෙන එක.

External Tools වලට ගියාම මේ වගේ window එකක් එනවා.
ඒකෙ ඔය පෙන්නලා තියන විදියට හිස් තැන් වලට දෙන්න. 
Arguments වලට Atmel Studio 6 තියන අය මෙන්න මේ Code එක හරියටම copy කරන්න.
 -p m32 -c usbasp -P usb -U flash:w:"$(ProjectDir)Debug\$(ItemFileName).hex":i
Atmel Studio 7 තියන අය මේක copy කරන්න.


 -p m32 -c usbasp -P usb -U flash:w:"$(ProjectDir)Debug\$(TargetName).hex":i
දැන් OK කරන්න. දැන් වැඩේ හරියට කලානම් මේ වගේ පෙන්වා,

 හරි එහෙනම් දැන් ඒකත් ඉගෙනගත්තනේ. අපි ඊළඟ පාඩමෙන් ඉගෙනගමු සරල වැඩසටහනක් ලියන විදිය සහ වැඩකරවන විදිය. මේක තරම් පරක්කු කරන්නේ නැතුව ඒක ඉක්මනටම අරගෙන එන්න try එකක් දෙන්නම්. මේ පාඩම ගැන ප්‍රශ්න තියනවා නම් comment කරගෙන යන්න.

Saturday, September 24, 2016

Learn Atmega Programming Lesson 1


ඔන්න එහෙනම් ගොඩාක් කාලෙකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් දාන්න හිතුනේ. Campus ආවට පස්සෙම දාන පලවෙනි බ්ලොග් පොස්ට් එක මේ... අපේ Course එකේ පලවෙනි අවුරුද්දේදී අපි කණ්ඩායමක් විදියට Hardware Project එකක් කරන්න ඕනි. ඒ අනුව අපි Microcontrollers වලින් වැඩ කරන නව නිපැයුමක් කරලා පෙන්නන්න ඕනි. කොහොමහරි Project Presentation එහෙම කරලා එකක් Approve කරගත්ත කියමුකෝ. ඊළඟට වැඩේ මේක හදන්නත් ඕනිනේ. මට ඒ දවස්වල ඉදලම Electronics පැත්ත එපාම කරපු එකක්... එත් ඉතින් එහෙම කියලත් බෑනේ.. මේක කරන්නත් එපැයි. ඔය නිසා මං ඒවා ගැන හොයන්න ගත්තා... ඉතින් මම ඉගෙනගත්ත ඒවා ටිකක් තමයි මම මේ Microcontroller කුප්පියෙන් කියල දෙන්න හිතුවේ...

Saturday, July 4, 2015

Speed Up Your PC! - Advanced System Care 8.3 Full Version Activation


ඔන්න එහෙනම් යාලුවනේ ටික දවසක නිවාඩුවකින් පස්සේ මම අදත් ආවා අලුත් දෙයක් ඔයාලට දීලා යන්න. හැමදාම එක එක පාඩම්කියලා දීලා ඔයාලටත් එපා වෙලා ඇති, ඒ වගේම මටත් එපා වෙලා. ඒ නිසා මම අද ඔයාලට අලුත්ම සොෆ්ට්වෙයාර් එකක් ගැන තොරතුරු අරගෙන ආවා. 

අද මම අරගෙන එන්න හිතුවේ Advanced System Care මෘදුකාංගයේ අලුත්ම නිකුතුව තමයි මම අද අරගෙන ආවේ. Advanced System Care කිව්වම දන්නේ නැති කෙනෙක් නැනේ. ලොව අංක එකේ මෘදුකාංග නිර්මාණ සමාගමක් වන Iobit සමාගමේ නිර්මාණයක් තමයි ASC කියන්නේ. All in one Tuneup කියන මෘදුකාංග තාක්ෂනය මුලික කරගෙන තමයි මේක හදලා තියෙන්නේ. මේකෙන් Game Boosting,  Registry Clean, Difragment, Disc Cleanup, Malware Clean වගේ ගොඩාක් පහසුකම් තියනවා. ඇත්තටම මෘදුකාංග ගොඩක එකතුවක් විදියට තමයි මේක හදුන්වන්න පුළුවන්. 

ඒ වුනත් මේ මෘදුකාංගය මිලදී ගන්න ඕනි එකක්. එහෙම ගන්නවා නම් $19.99ක් ඒ කියන්නේ රු. 2700ක් විතර. අපිට කොහෙද එච්චර සල්ලියක් නේද? ඒ නිසා මම ඔන්න ඒ සම්පූර්ණ මෘදුකාංගයම නොමිලේම දෙන්න හිතුවා. ඔයාලට කරන්න තියෙන්නේ පොඩි දෙයක් විතරයි.

මේ පල්ලෙහා විදියට කරන්න.

ඉස්සෙල්ලාම පල්ලෙහා තියන Download කියන තැනින් දෙන ZIP ෆයිල් එක අරගන්න.

https://drive.google.com/file/d/0B-DCbrlNab-VTWIwQmxDal9JUm8/view?usp=sharing
43.5MB - ZIP File / Google Drive
දැන් ඒ ෆයිල් එක Extract කරගන්න. පුරුදු විදියටම සොෆ්ට්වෙයාර් එක Install කරගන්න. දැන් ප්‍රධාන අතුරුමුහුණත මෙහෙම තියනවා.

දැන් මේකේ යටම තියන Activate Now කියන ඒක ක්ලික් කරන්න. Internet Connection එක Disconnect කරනවානම් වඩාත් හොදයි. දැන් ඊළඟට එන පිටුවෙන් Enter Registration code කියන එක ක්ලික් කරන්න. දැන් මේ වගේ එකක් එනවනේ.


දැන් ඔය හිස්තැනට අපි Extract කරගත්ත ෆයිල් එකේ තියන Read me for Help කියන Text File එකේ තියන කෝඩ් දෙකෙන් එකක් දෙන්න.

දැන් Registar Now ක්ලික් කරන්න. කෝඩ් එක වැඩනම් මෙන්න මේ වගේ පිටුවක් එනවා.  

 එහෙනම් වැඩේ හරිනේ. කස්ටියට වැඩේ මීටර් වෙන්න ඇති කියලා හිතනවා. මං දැන් ගිහින් එන්නම්. වැඩ නිසා ආපහු එන දවසනම් හරියටම කියන්න බැ. එත් ඉක්මනටම එන්නම්. ප්‍රශ්න මොනොවහරි තියනවනම් Comment කරන්න. නැත්නම් Contact me එකෙන් Email එකක් දාන්න.  ජය වේවා!

Sunday, June 7, 2015

How to buy Items on Ebay Correctly - How to Shopping @ Ebay Part 3

ඔන්න එහෙනම් අදත් පොරොන්දු වුන විදියටම අලුත්ම දෙයක් අරගෙන ඔයාලට දෙන්නම අරගෙන ආවා. අද මම ඔයාලට දෙන්න හදන්නේ අපේ Ebay පාඩමේ තුන්වෙනි කොටස. මේක සමහරවිට අවසාන කොටසත් වෙන්න පුළුවන්. එත් මම හිතන් ඉන්නවා ඔයාල ඉල්ලපු භාණ්ඩයක් ගෙදරට නොආවොත් එකට මොකද කරන්නේ කියල කියාලා දෙන්නත්. එකට ටික කාලයක් යන නිසා මම මේ පාඩම අදින් ටිකකට නවත්තන්න හිතාගෙන ඉන්නවා. 

එහෙනම් අදම අපිත් එක්ක සම්බන්ධ වෙන අයට දැනගන්නත් එක්ක අපි කරපු දේවල් මුලින්ම මතක් කරලා ඉන්නම්. අපි ඉස්සෙල්ලම පාඩමෙන් Paypal ගිණුමක් හදාගන්න හැටි ගැන ඉගෙනගත්තා. ඒ වගේම Ebay කියන්නේ මොකක්ද එකෙන් කරන්නේ මොකක්ද කියන මුලික දේවල් ටිකත් දැනගත්තා. එක කියවන්න බැරිවුණා නම් පල්ලෙහායින් ගිහින් එකත් කියවන්නකෝ.


අපි ඊටපස්සේ දෙවෙනි පාඩමෙන් Paypal ගිණුමට Debit Card එකක් සම්බන්ධ කරලා නිවැරදිව Confirm කරගන්නේ කියලත් කිව්වා. ඒ වගේම අන්තිමට කිව්වා සල්ලි ටිකක් Account එකට දාලම තියාගන්න කියලා. ඒ කොටස කියවන්න බැරි වුනානම් එකත් කියවන්නකෝ.


ඔන්න එහෙනම් අපි අද පාඩම පටන් ගනිමු. අපි අද කරන්න හදන්නේ Ebay එකෙන් භාණ්ඩ මිලදීගන්න එක. එකට අපි ඉස්සෙල්ලම Ebay එකේ ගිණුමක් හදාගන්න ඕනි. එකට ඉස්සෙල්ලම www.ebay.com වලට යන්නකෝ. දැන් පල්ලෙහා තියන පින්තුරේ වගේ Home Page එකක් බලාගන්න පුළුවන්.

දැන් එකේ රතු පාට ඊතලයෙන් පෙන්නලා තියන තැන තියන Registar කියන එක ක්ලික් කරන්න. එතකොට මේ වගේ පිටුවක් එනවා.
මේකේ තියන Register කියන එක දැන් ක්ලික් කරන්න.
දැන් මේ එන පිටුවට ඉල්ලන තොරතුරු ටික දීලා Register ක්ලික් කරන්න. එතකොට ඔයාගේ ලිපිනය එහෙම අහන පිටුවක් එනවා එකට ඔයාගේ ඇත්තම තොරතුරු දෙන්න. ඒ දෙන ලිපිනයට තමයි එයාල අපි ගත්ත බඩු තැපැල් කරරන්නේ. ඒවා ඉතින් කරගන්න පුළුවන් නිසා මම වැඩිය එක විස්තර කරන්න යන්නේ නැ.

දැන් ආයිත් මුල් පිටුවට ගිහින් ඔයාගේ Ebay Account එකට ලොග් වෙන්න. 

දැන් ආයිත් මුල් පිටුවට ගිහින් එකේ Search Box එකේ ඔයා හොයන භාණ්ඩය Type කරන්න.

ඊටපස්සේ Enter ඔබන්න එතකොට ඔයා දීපු වචනයට අදාලව Ebay තුල තියන භාණ්ඩ වල ලැයිස්තුවක් ඔයාට බලාගන්න පුළුවන්. මේවා කොටස් දෙකකට බෙදෙනවා. ඒ Auction සහ Buy it now කියලා. අපිට Auction එච්චර වැඩක් වෙන්නේ නැති නිසා පල්ලෙහා තියන රූපේ වගේ Buy it now කියන එක ක්ලික් කරන්න.
දැන් ඒ ලිස්ට් එකේ ඔයාට කැමති දෙයක් තෝරාගන්න පුළුවන්. එහෙම තෝරාගන්න කොට හොදට බලන්න ඕනි දේවල් 5ක් විතර තියනවා. පලවෙනි එක තමයි මිල. එකම දේ විවිධ මිල ගණන් වලට තියන බව ඔයාලට පේනවා. ඒ නිසා ටිකක් හොදට හොයලා බලල තමයි තෝරාගන්න ඕනි.

තව දෙයක් තමයි උඩ රූපේ අංක 1න් පෙන්නලා තියන දේ. ගොඩක් වෙලාවට අපි භාණ්ඩයක් ගන්නකොට ඒක Top rated seller කෙනෙක්ගෙන් ගන්න පුළුවන් නම් වඩාත් හොදයි. තව එයාගේ බඩු වලට වැටිලා තියන Comments එහෙමත් බලන්න. එතකොට ඔයාට ඒ භාණ්ඩයේ ගුණාත්මක බව ගැන අදහසක් ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඒ භාණ්ඩයට Free Shipping තියනවද කියන එක.ඔය අංක 2න් පෙන්නලා තියෙන්නේ එක තමයි. අපි ඔය පොඩි දෙයක් ගන්නකොට එකට තව ඩොලර් ගානක Shipping Cost එකතු වුනාම එක Ebay එකෙන් ගන්නවට වඩා ලංකාවෙන්ම ගන්න එක ලාබ වෙන වෙලාවලුත් තියනවා. ඒනිසා පොඩි දේවල් ගෙන්නගන්නවා නම් Free Shipping තියනවද කියලත් බලන්න. තව ඉතින් ඔය 3 වෙනියට පෙන්නලා තියනවා වගේ ඒ භාණ්ඩයෙන් කීයක් විකුණලා තියනවද කියන එකත් පොඩ්ඩක් බලන්න.

දැන් මම ඔය පෙන්නලා තියන Bluetooth Headset එක ගන්නයි හදන්නේ. එකට ඔයා තෝරගත්ත භාණ්ඩේ උඩ ක්ලික් කරන්න. එතකොට ඒ භාණ්ඩේ ගැන ලොකු විස්තරයක් සහ මිලදී ගන්න අවශ්‍ය ප්‍රමාණය එහෙම තියන පිටුවක් එනවා.
මේකේ Delivery කියන තැන තියෙන්නේ ආසන්න වශයෙන් මේක අද ගත්තොත් මෙහෙට එන්න ගතවන කාලය. මේ පිටුවේ යටටම ගිහින් මේ භාණ්ඩය ගැන හොද විස්තරයක් වගේම පින්තුරත් බලාගන්න පුළුවන්. අපි මේක ගන්නනේ කොහොමත් හදන්නේ. ඒ නිසා ඔය අංක 1න් පෙන්නන තැනට ඔයා ගන්න බලාපොරොත්තු වෙන උපාංග ගාන දෙන්න මම ගන්නේ එකක් නිසා මම 1යි කියල දෙනවා. දැන් ඔය 2 කියල පෙන්නලා තියන Buy it Now කියන තැන ක්ලික් කරන්න. 
එතකොට මේ වගේ පිටුවක් එනවා.
මේකේ 1 කියන ඊතලය තියන තැනින් ඔයා Ebay Account එක හදද්දී දීපු ලිපිනය ඔයාගේ භාණ්ඩය තැපැල් කරන ලිපිනය විදියට පෙන්නනවා. එක නෙමෙයිනම් ඔයාගේ ලිපිනය අංක 2න් පෙන්නන තැනින් ගිහින් වෙන ලිපිනයක් දෙන්නත් පුළුවන්.
ඒ ඔක්කොම හරි නම් දැන් 3න් පෙන්නන Continue කියන තැන ක්ලික් කරන්න.

එතකොට ඔයාව එතනින් Paypal වෙත යොමු කරනවා. මෙතන රතු පාටින් පෙන්නන කොටුවේ ඔයාගේ Paypal ගිණුමේ Email එකයි Password එකයි දීල ලොග් වෙන්න.
දැන් මෙහෙම පිටුවක් එනවා.
මෙතනින් ඔයාලගේ තොරතුරු හරිනම් ඒ කියන්නේ ඔය 1 කියල පෙන්නන තැන තියන ලිපිනය එහෙම හරිනම් Confirm & Pay කියන බට්න් එක ක්ලික් කරන්න. 
ටික වෙලාවකට පස්සේ ඔයාගේ Transaction එක හරියට වුනානම් පල්ලෙහා තියනවා වගේ පිටුවක් එනවා.
එහෙනම් කස්ටියටම වැඩේ තේරෙන්න ඇති කියල මම හිතනවා.
භාණ්ඩේ ආපුවම මම වෙන පොස්ටුවකදී හරි ඔයාලට බලන්න පින්තුරයක් දාන්නම්කො. ඔයා Order කරපු හා ගෙන්නපු බඩු ගැන විස්තර බලන්න ඕනිනම් ඔයාට මුල් පිටුවේ තියන My Ebay වලින් බලාගන්න පුළුවන්. 
අම්මෝ දිග පොස්ටුවක් කොටලා දැන් හරිම අමාරුයි, මම අදට ගිහින් එන්නම්. එතකන් Ebay එකෙන් ඇති තරම බඩු ගෙන්නන්නකෝ. 

Sunday, May 17, 2015

Lets Connect Debit Card to Paypal - How to Shopping @ Ebay Part 2

ඔන්න මම අදත් කිව්වා වගේම අර කලින් කිව්වා වගේම Ebay එකේ ෂොපින් යන හැටි කියලා දෙන්න උදේම ආවා. මේ පාඩමේ කලින් කොටසින් මම Paypal ගිණුමක් හදාගන්න හැටි ඔයාලට කියලා දුන්නා.



 ඒ කොටසත් පොඩ්ඩක් කියවලා ඉන්නකෝ. මම එකේ අන්තිමට කිව්වා, බැංකු තුනක්.. ඒ එකකින් ගිණුමක් හදාගෙන ඩෙබිට් කාඩ් එකකුත් ගන්න කියලා මම කිව්වා. ඒ වගේම පුළුවන් නම් අන්තර්ජාල බැංකු පහසුකම සුද්ද සිංහලෙන්ම කියනවා නම් Online Banking Facility එක ගන්න කියල මම කිව්වා. ඒක අපිට ලේසියි. මමනම් පාවිච්චි කරන්නෙම Commercial Bank කාඩ් එක තමයි. ඔයාලට නිදහස තියනවා ඉතින් ඕනිම එකක් ගන්න.

හරි අපි වැඩේට බහිමුකො දැන්. 

ඉස්සෙල්ලාම කලින් හදාගත්ත Paypal ගිණුමේ Email, Password දීලා Account එකට ලොග් වෙන්නකෝ.(දෙයක් කියන්න ඕනි Paypal Password ගැන. මේ Paypal එකට ඔයාගේ Debit Card එක දුන්නම ඔයා හරියට Password පරිස්සම් කරගත්තේ නැත්තම් ඕනි කෙනෙක්ට ඔයාගේ අවසරයක් නැතුවම වුනත් ඔයාගේ ගිණුමෙන් සල්ලි අදින්න පුළුවන්. එක නිසා ඔයා එක එක ඒවාට දානවා වගේ නමේ කෑල්ලක් හරි, ෆෝන් නම්බරේ හරි, උපන්දිනේ හරි වගේ මෝඩ විදියේ පාස්වර්ඩ් ගහන්නේ නැතුව ටිකක් විතර Guess කරන්න බැරි පාස්වර්ඩ් එකක් දාගන්න.)

දැන් එකේ ඉස්සෙල්ලම එන පිටුවේ Profile වල තියනවා. Add/Edit Credit Card කියලා එකක්.(පහල පින්තුරය බලන්න.)



හරි දැන් එතන ක්ලික් කරන්න.
එතකොට ඔයාට මේ වගේ ෆෝම් එකක් බලාගන්න පුළුවන්.




එකේ Card Type කියන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් ඔයාගේ කාඩ් එකේ වර්ගය VISAද නැත්නම් Mastercardද නැත්නම් වෙන මොකක්හරිද කියලා තෝරලා දෙන්න ඕනි. 


එකට අවශ්‍ය තොරතුරු ඉතින් මම කියන්න ඕනි නැ. ඩෙබිට් කාඩ් එක දිහා බැලුවම ඕනි කෙනෙක්ට ඒක කියන්න පුළුවන් නේ.

(ෆොටෝ එක පෙන්නේ නැත්නම් එක උඩ ක්ලික් කරලා බලන්න)

හරි දැන් එහෙම තෙරුවාම මේ ෆෝම් එක පල්ලෙහා විදියට වෙනස් වෙනවා. මම ඔන්න දෙන්න හදන්නේ VISA කියලා.







මේ ෆොටෝ එකත් පැහැදිලි නැත්නම් ඒක උඩ ක්ලික් කරලා බලන්න.


දැන් ඔයාගේ කාඩ් එක අරගන්න. එකේ ඉස්සරහා ගහලා තියනවා නේද ඉලක්කම් 16ක අංකයක්. VISA වලනම් 4න් පටන් ගන්න අංකයක් තියෙන්නේ හරියට 4216 XXXX XXXX XXXX වගේ.. ඒ වගේම Master Card වලනම් 5න් පටන් ගන්න අංකයක් තියනවා ඉලක්කම් 16ක හරියට 5300 XXXX XXXX XXXX වගේ.


අන්න ඒ අංකය හරියටම ඔය පින්තුරේ 1 කියලා පෙන්නලා තියන Card Number කියන තැනට දෙන්න.


Card එකේ හිස්තැන් තියලා තිබුනට ඔයා ඒවා තියන්න ඕනි නැ එක දිගට ගහගෙන යන්න.






දැන් ඔය රවුම් කරලා තියනවා නේද Expiration Date කියලා එකක්. ඒකට ඔයාගේ කාඩ් එක අරගෙන බලන්න කාඩ් එක ඉස්සරහා පල්ලෙහා පින්තුරේ රතු පාටින් පෙන්නලා තියනවා වගේ දිනයක් තියනවා. මගේ කාඩ් එකේනම් එකට ඉස්සරහින් ගහල තියනවා.Valid Thru කියලත්.



අන්න ඒ දිනය Expiration Date කියන තැනට දෙන්න.

දැන් ඔය 2 කියලා තියන තැනට Card Verification Number කියලා එකක් ඉල්ලනවා නේද? එකට ඔයාගේ කාඩ් එකේ අනිත් පැත්තේ කලුපාට තීරුවට යටින් පුංචි අංක තුනක් තියනවා. (පහල රූපය බලන්න.)



අන්න ඒ අංකය දීලා පල්ලෙහාම තියන Add Card කියන එක ක්ලික් කරන්න.
ඔයාගේ කාඩ් එක ඇඩ් කරන්න පුළුවන් නම් මෙහෙම Page එකක් ඔයාට බලාගන්න පුළුවන්.


දැන් අපි හදන්නේ අපේ Paypal ගිණුමට ඇතුලත් කරපු කාඩ් එක Verify කරගන්න. මේක ටිකක් ලොකු ගනුදෙනු කරද්දී අවශ්‍යම වෙන දෙයක්, තව මෙහෙම Verify නොකරොත් ටික කාලයක් යනකොට ඔයාගේ කාඩ් එක Paypal වලින් ban කරන්න ඉඩ තියනවා. ඒ නිසා කෝකටත් කියලා මෙහෙම කරගෙන ඉන්න එක ඇඟට ගුණයි.

හරි දැන් ඔයාගේ Profile tab එකේ Add/Edit Credits Card වලට යන්න. එතකොට පල්ලෙහා රුපයේ වගේ පිටුවක් එනවනේ.


ඒකෙ පෙන්නලා තියන Confirm My Card කියන තැන ක්ලික් කරන්න. ඊළඟට එන පිටුවේ Continue කියන එක දෙන්න.

දැන් ඔයාගේ කාඩ් එකෙන් එයාලා $1.99කට ආසන්න මුදලක් කපාගන්නවා. ඒ කියන්නේ රු. 270ක් විතර. ඒ ගනුදෙනුව පිලිබඳ විස්තර ඔයාගේ බැංකු ගිණුමට යන්නේ Remark එකක් එක්ක. ඔයාලට ඒ Remark එක බැංකුවෙන් අහල දැනගන්න වෙනවා. මම නම් Online Banking අරගත්ත නිසා. මට ඒ විස්තර ගෙදර ඉදන්ම බලාගන්න පුළුවන්. 


මම දැන් මේ කියල දෙන්න හදන්නේ ඒ විස්තරෙත් එක්ක යන ඉලක්කම් 4ක PIN එක ගන්නේ කොහොමද කියලා කියල දෙන්න. මං කිව්වනේ Online Banking නැති අය ඒ Remark එක බැන්කුවෙන්ම අහගන්න. මම පාවිච්චි කරන්නේ Commercial Bank Card එකක් නිසා මෙහෙමයි එකේ Online Banking වල Code එක බලාගන්නේ. ඉස්සෙල්ලම ඔයාට ඒ Online Banking වල History වලට යන්න වෙනවා. එතකොට මේ පල්ලෙහා රූපේ වගේ ඔයාගේ අදාළ දින වලට සිදුවෙච්ච සියලුම Transaction ටික පෙන්නනවා. මේ රූපේ ටික කාලෙකට කලින් ගත්ත එකක් නිසයි Paypal එකෙන් අයවෙච්ච ගාන රු 250ක් වගේ පෙන්නන්නේ. දැන් නම් රු 270ක් විතර වෙනවා ඒ ගාන.

ඒ රු 257.89ක් කියලා තියන එකට ඉස්සරහින් වචන ටිකක් තියනවා නේද? අන්න ඒක තමයි අපිට ඕනි කරන Remark එක. එකෙනුත් ඔය PP* වලට පස්සේ තියන ඉලක්කම් 4 තමයි ඕනි කරන්නේ. ඒක කොහෙහරි ලියලා තියාගන්න. 

දැන් ඊළඟ පිටුවෙන් එන හිස්තැනට අර අපි ලියාගත්ත ඉලක්කම් 4 දීලා Confirm කරන්න. දැන් වැඩේ ඉවරයි. ඔන්න Paypal එක ඔයාගෙන් ගත්ත $1.99ත් ආපහු පැය 24කදි ඔයාට ලැබෙන්න සලස්වනවා. ඔන්නා ඔහොමයි ඒ වැඩෙත් කරන්නේ. මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. අපි ඊළඟ පොස්ටුවෙන් බලමු කොහොමද ෂොපින් යන්න පටන් ගන්නේ කියලා. ඔයාගේ Bank Account එකට කීයක් හරි Deposit කරලම තියාගන්නකෝ. මොකක් හරි ප්‍රශ්නයක් එහෙම තියනව නම් අනිවා අහන්න. මම දැන් ගිහින් එන්නම්.


Saturday, May 9, 2015

How to Create a Paypal Account? - How to Shopping @ Ebay - Part 1



හප්පේ ඔන්න ගොඩාක් කාලෙකට පස්සේ අදත් ආව ඔයාලට අලුත්ම දෙයක් කියල දීල යන්න. මම මේ ගැන පොස්ටුවක් අරගෙන එන්න හිතුවේ Facebook හරහා ගොඩක් ගෘප් වල මේ ගැන අහල තිබුන නිසාමයි. 

Ebay ගැන කතාකරනවා නම් එක අන්තර්ජාල වෙළදාම පිලිබඳ ප්‍රමුඛම වෙළද ආයතනයක්. යුරෝපා සංගමය මගින් නිත්‍යානුකුල වෙළද බලතල ලබා දුන්න ප්‍රථම අන්තර්ජාල වෙළද ආයතනය ලෙස Ebay හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා සිදුවන සියලුම ගනුදෙනු පිලිබදව වගකීමක් සහිත එකම අන්තර්ජාල වෙළද ආයතනය ලෙස Ebay හඳුන්වල දෙන්න පුළුවන්. Ebay වලින් ෂොපින් කරන්න කලින් අපිට Online Cash Wallet එකක් අවශ්‍ය වෙනවා. Paypal එන්නේ ඒ නිසා තමයි. ඇත්තටම Paypal බිහිවුනේ මේ Ebay හරහා සිදුවන ගනුදෙනු ආරක්ෂාකාරීව සහ කාර්යක්ෂමව සිදු කිරීමටයි. Ebay හරහා අපිට අපේ Debit හා Credit කාඩ් මගින් වුවත් ගනුදෙනු කරන්න පුළුවන්. ඒවා සිදුවන්නේ Paypal හරහාම තමයි.

Sunday, December 7, 2014

Add a Automated Featured Post Widget on your Web or Blog Site!



Automatic වෙනස්වෙන Featured Post විජේට්ටුවක් ඔබේ වෙබ් අඩවියටත්....


ඔන්න එහෙනම් ටික දවසක නිවාඩුවකින් පස්සේ මම අද ආවා අලුත්ම දෙයක් ඔයාලට අරගෙන... මේ දවස් ටිකේම ජොබ් එක නිසා ගොඩාක් කාර්යබහුල වෙලා හිටපු නිසා මේ පැත්තේ එන්නවත් වෙලාවක් තිබුනේ නැ. එත් ඉතින් ඔන්න නිවාඩු දවසේ අලුත් දෙයක් ඔයාලට දෙන්න ඕනි කියලා හිතුන නිසා අරගෙන ආවා.

ඔයාලගේ බ්ලොග් වල සාමානයෙන් ගූගල් ලා දෙන මෙලෝ රහක් ලස්සනක් නැති Featured Post විජේට්ටු දානවා. එත් ඒවා එච්චර ලස්සන නැනේ. ඉතින් එකට අලුත්ම සහ ලස්සන විසදුමක් තමයි මම අරගෙන ආවා. මේක ඔටෝම update වෙනවා වගේම සෑම තත්පර 5කට සැරයක්ම වෙනස් වෙනවා. ඇත්තම කිව්වොත් ඇනිමේට් වෙනවා. ඉතින් මම කියනවට වඩා demo එකක් බලලම ඉන්නකෝ.



හරි එහෙනම් අපි බලමුකෝ ඒක කොහොමද බ්ලොග් එකට හරි වෙබ් අඩවියට හරි යොදාගන්නේ කියලා. බ්ලොග් එකක්නම් බ්ලොගර් වල විදිය විතරක් මම කියන්නම් අනිත් ඒවත් ඒ වගේම තමයි ලොකු වෙනසක් නැ. 

ඉස්සෙල්ලම Layout > Add a Gadget > HTML/Javascript විදියට ගිහින් HTML විජේට්ටුවක් අරගන්න. දැන් මේ පල්ලෙහා තියන කෝඩ් එක ඒ HTML box එකට කොපි කරන්න.

<center>
<div id="headerbox">Featured Posts</div>
<div id="featuredpostside"></div>
<script src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.8.0/jquery.min.js" type="text/javascript"></script>
<script src="http://files.allbloggertricks.com/Scripts/abt-sidebar-slider.js" type="text/javascript"></script>
<script type='text/javascript'>
//<![CDATA[
FeaturedPostSide({
blogURL:"http://www.myblog.com",
MaxPost:8,
idcontaint:"#featuredpostside",
ImageSize:300,
interval:5000,
autoplay:true,
tagName:false
});
//]]>
</script>
<link href='http://fonts.googleapis.com/css?family=Oswald:300' rel='stylesheet' type='text/css'/>
<style scoped="" type="text/css">
/*
Made by AllBloggerTricks.com with lot of hardwork please keep the comment intact
*/
ul.abt-sidebar-slider * {
    -moz-box-sizing: border-box;
}
ul.abt-sidebar-slider {
    font: 11px Verdana,Geneva,sans-serif;
}
ul.abt-sidebar-slider, ul.abt-sidebar-slider li {
    list-style: none outside none;
    margin: 0;
    padding: 0;
    position: relative;
}
ul.abt-sidebar-slider {
    height: 500px;
    width: 100%;
}
ul.abt-sidebar-slider li {
    display: none;
    float: left;
    height: 24.5%;
    overflow: hidden;
    padding: 0;
    position: absolute;
    width: 100%;
}
ul.abt-sidebar-slider li:nth-child(1), ul.abt-sidebar-slider li:nth-child(2), ul.abt-sidebar-slider li:nth-child(3), ul.abt-sidebar-slider li:nth-child(4) {
    display: block;
}
ul.abt-sidebar-slider li:nth-child(2) {
    left: 0;
    top: 50%;
}
ul.abt-sidebar-slider img {
    border: 0 none;
    height: 100%;
    width: 100%;
}
ul.abt-sidebar-slider .overlayx, ul.abt-sidebar-slider li {
    transition: all 0.4s ease-in-out 0s;
}
ul.abt-sidebar-slider li:nth-child(4) {
    left: 0;
    top: 75%;
    width: 100%;
}
ul.abt-sidebar-slider li:nth-child(3) {
    left: 0;
    top: 25%;
}
ul.abt-sidebar-slider .overlayx {
    background-color: rgba(0, 0, 0, 0.5);
    height: 100%;
    left: 0;
    position: absolute;
    top: 0;
    width: 100%;
    z-index: 2;
}
ul.abt-sidebar-slider .overlayx, ul.abt-sidebar-slider img {
    border: 4px solid #2E8DCE;
    border-radius: 3px 3px 3px 3px;
}
ul.abt-sidebar-slider .overlayx:hover {
    opacity: 0.1;
}
ul.abt-sidebar-slider h4 {
    color: white;
    font-family: Oswald;
    font-size: 25px;
    font-weight: 100;
    line-height: 1.5em;
    margin: 0;
    padding: 0 10px;
    position: absolute;
    top: 25px;
    width: 100%;
    z-index: 2;
}
ul.abt-sidebar-slider .label_text {
    bottom: 10px;
    color: white;
    font-size: 90%;
    left: 10px;
    position: absolute;
    z-index: 2;
}
ul.abt-sidebar-slider li:nth-child(2) .autname, ul.abt-sidebar-slider li:nth-child(3) .autname {
    display: none;
}
.buttons {
    margin: 5px 0 0;
}
.buttons a {
    display: inline-block;
    height: 25px;
    position: relative;
    text-indent: -9999px;
    width: 15px;
}
.buttons a:before {
    border-color: transparent #535353 transparent transparent;
    border-style: solid;
    border-width: 8px 7px;
    content: "";
    height: 0;
    left: 50%;
    margin-left: -10px;
    margin-top: -8px;
    position: absolute;
    top: 50%;
    width: 0;
}
.buttons a.nextx:before {
    border-color: transparent transparent transparent #535353;
    margin-left: -3px;
}
.date {
    background: none repeat scroll 0 0 rgba(32, 122, 161, 0.84);
    bottom: 93px;
    padding: 8px;
    position: relative;
    right: 6px;
}
#headerbox {
    background: #8FB93D;
    font-family: Oswald;
    padding: 4px;
}
</style>
</center>
දැන් මේ කෝඩ් එකේ http://www.myblog.com කියලා තියන තැනට ඔයාගේ බ්ලොග් එකේ හරි වෙබ් අඩවියේ හරි URL එක දෙන්න. දැන් විජේට්ටුව save කරන්න. දැන් ගිහින් preview එක බලන්නකෝ. එතකොට වැඩ කරන හැටි බලන්න පුළුවන්. වෙන වෙබ් අඩවියක වුනත් body කොටස තුල ඔයා කැමති තැනකට මේ කෝඩ් එක කොපි කරලා බලන්න.

එහෙනම් මම දැන් යනවා. ආයිත් ඉතින් සතියකින් තමයි එන්න වෙන්නේ. එත් කමක් නැනේ එහෙම හරි එනවනේ. ඔයාලට මොකක්ම හරි ප්‍රශ්නයක් තියනවා නම් මගෙන් අහන්න.

Sunday, November 23, 2014

Avast Internet Security 2015 with One Year Activation for FREE!

Avast Internet Security 2015 අවුරුද්දකට වැඩිය නොමිලේම පාවිච්චි කරන්න...


 View in English

අදත් මම එහෙනම් උදෙන්ම අලුත්ම සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරගෙන ආවා ඔන්න. මම අද ආවේ වයිරස් ආරක්ෂණ මෘදුකාන්ගයක්. කෙටියෙන්ම කියනවානම් Antivirus එකක්. මේ Avast Intrnet Security 2015 ඔන්න එලියට දාපු ගමන්ම මම අරගෙන ආවා. ඒත් නිකන්ම Free එක නෙමෙයි අවුරුද්දකටත් වැඩිය Full Activation එකත් එක්කම... 


Connect with Google+

All Rights Reserved

Protected by Copyscape Web Plagiarism Software

Safety First....

E-mail Newsletter

Sign up now to receive breaking news and to hear what's new with us.

Recent Articles

TOP